Archive for March, 2010

මාර්තු මාසයේ අවසන් සතිය. මේ සතියේ ඡායාරූපයට තෝරා ගත්තේ මෙන්න මේ ඡායාරූපය.

ශිල්පියා : දමිත් විදුරංග (Damith Viduranga)

තේමාව : “බිංදු ඔහුගේ අඩවිය පිරික්සයි”

කැමරාවේ වර්ගය: Samsung ES17

අනෙකුත් තොරතුරු: බිංදු යනු හෝටන් තැන්නේ සිටින හීලෑ ගෝනෙකි

ඡායාරූපයේ විශාල රූපයක් බැලීමට එය මත ක්ලික් කරන්න.

මෙම ඡායාරූපය පිළිබඳ ඔබගේ අදහස් යොමු කරන්න.

වස්තුවට ආසන්න වෙන්න ආසන්න වෙන්න, ඔබේ වස්තුව, ඡායාරූපය පෞද්ගලික තත්වයට හරවනව. උණුසුම්, මනෝහර හැඟීමක් ඇති කරනව.

මෙහෙම ඡායාරූප ගන්නකොට මතක් කරල අනවශ්‍ය පසුබිමක් හා අනවශ්‍ය වස්තූන් පසුබිමෙහි නොලැබෙන විදිහට ඡායාරූපය ගන්න උත්සාහ කරන්න.

ඔබේ රාමුව සම්පූර්ණයෙන්ම අදාල වස්තුවෙන් පුරවන්න. (විශේෂයෙන්ම පුද්ගල ඡායාරූපකරණයේදී; බලන්නකෝ පහත ඡායාරූපය.)

closeto ur subject.JPG

Read the rest of this entry »

“සතියේ ඡායාරූපය” කියන එක අදනෙ පටන් ගත්තෙ. ඉතින් ඒකට ඡායාරූප කලාවේ විශේෂ පුද්ගලයෙක් එවපු ඡායාරූපයක් යොදා ගන්න හිතුව.

ශිල්පියා : ඉන්ද්‍රනාථ තේනුවර

තේමාව : මොණර තරඟය

ඔහු තව විස්තර ටිකකුත් එකතු කරනව.

“මේ ඡායාරූපය ගත්තෙ මඩකලපුව බලා යන අතරතුරදි. මාත් සමග ප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පී රන්ජිත් සිල්වා මහතාත්, ප්‍රවීන ඡායාරූප ශිල්පී ඩොමිනික් හින්ඩ්ල් මහතාත් සිටියා. මේ මොණරා හිටියෙ ලොකු පිදුරු මිටියක් උඩ. කාර් එක නවත්තලා ඡායාරූප ගන්න හදද්දි ඩොමිනික් ඈහුවා ඌව එලවන්නද කියල. රන්ජිත් මහතාත් මාත් සූදානම් උනා ඒ ඈක්ෂන් පින්තූරය ගන්න. අපි දෙන්න ම කැමරාවේ කන්ටිනුවස් ෂටර් Continues Shutter (Burst) මෝඩ් එක දා ගත්තා. රන්ජිත් මහතාගේ කැමරාව Canon 5D එකක්. ඒකෙ තත්පරයට රාමු 11ක වේගයකින් ඡායාරූප සටහන් කර ගන්න පුලුවන්. මගේ Canon 40D කැමරාවෙ පුලුවන් තත්පරයට රාමු 9යි. අපි දෙන්නම කැමරා ක්‍රයාත්මක කළා. ඩොමිනික් මොණරාව එලෙව්වා. මෙන්න කොහේදෝ සිට මතුවෙච්ච සෙබඩෙකුත් රාමුව හරහා යනවා.. වාසනාවකට එයා අහු වුනේ මට විතරයි. මොකද දන්නවද රන්ජිත් මහතා භාවිතා කලේ 300 මිමී දුර රූප කාචයක්. මට තිබුනෙ 55-250 මිමී සූම් කාචයක්..!!!”

Read the rest of this entry »

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger