ඡායාරූපයක් ගන්නකොට, කාටවත් හිතාගන්න බැරි කෝණ වලින් ගන්න උත්සාහ කරන්න. ඒවගේ දේකින් ගොඩක් වෙලාවට කිසිම ලස්සනක්, ගතියක් නැති ඡායාරූපයක් ලස්සන ඡායාරූපයක් කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නෙ පොළව මට්ටමට වඩා අඩි 5-6ක් ඉහළ මට්ටමේ ඉඳලනෙ. එහෙම ගන්න එපා, ටිකක් නිර්මාණාත්මකව හිතල, කාටවත් හිතාගන්න බැරි අමුතුම කෝණයකින් ඡායාරූපය ගන්න. ඒකෙන් ඡායාරූපයට ලස්සනක් වගේම අමුතුම වටිනාකමක් එකතු වෙනව. ඒකෙන්, තමුන් ඡායාරූපයට නගන වස්තුව කුඩා වීමක් හරි විශාල වීමක් හරි වෙන්න පුළුවන්. ඒ සමඟම එහි අගයත් වැඩි වෙනව.
උදාහරණයක් විදිහට, ඔයා ඡායාරූපගත කරන වස්තුව අනුව ඒක, Bird’s eye view (කුරුල්ලෙකුට පෙනෙන හැටි, ඒ කියන්නෙ ඉහළින්) එකෙන් හරි worm’s eye view (පණුවෙකුට පෙනෙන හැටි, ඒ කියන්නෙ පහළ සිට) එකෙන් ගන්න පුළුවන්.
තව ටිකක් පැහැදිලි කරන්නම්, තවත් පොඩි උදාහරනයක් අරගෙන. ඔයාට ඔනෙ කියන්න කාන්තාවකගෙ ඡායාරූපයක් ගන්න. එයාගෙ මූනට කාමුක බවක් එකතු කරන්න පුළුවන්, එයාව Bird’s eye view එකෙන් ගත්තොත්.
. නිරූපණ ශිල්පිණියන්ගෙ ඡායාරූප දැකල ඇතිනෙ, හුඟක් එහෙම ඡායාරූප අරන් තියෙන්නෙ මේ කියන ක්‍රමේට.

තව එකක් බලමුකො. ඔයාට ඕනෙ කියන්න පොඩි ළමයෙක්ගෙ ඡායාරූපයක් ගන්න, හැබැයි ඔයාට ඕනෙ එයාව ලොකුවට ගාම්භීර පෙනුමක් දෙන්න. එහෙනම් යන්න worm’s eye view එකට. අර ළමයට යෝධයෙක් වගේ පෙනුමක් හා ඒක බලනාට එහෙම හැඟීමක් දෙන්න ඒකෙන් පුළුවන්. ඕනෙම පොඩි දෙයක් ලොකු කරල පෙන්නන්න පුළුවන් මේ ක්‍රමේට.







ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක්.. ගොඩක් ස්තූතී මේ වගේ අඩවියක් පටන් ගත්තට.. මම ඡායාරූපකරණය ගැන ගොඩක් දේවල් ඉඟන ගත්ත..
ස්තුතියි මල්ලි අද්හස් වලට. ඔහොම කියනකොට ඉතින් මේක දිගටම කරගෙන යන්න තමා හිතෙන්නෙ. මගෙන් කාටහරි සේවයක් වෙනව නම් ඒකයි මගෙ සතුට.
ඇත්තටම මේ වගේ දෙයක් වටිනවා. ඡායාරූපකරණය ගැන ඉංග්‍රීසි ලිපි නම් අනන්තයි. නමුත් සිංහලෙන් මේ ගැන ලිපි පෙලක් දැකපු පලවෙනි වතාව. නියමයි.
ඔව්, මේක තමා දැනට තියෙන, ඡායාරුපකරණය ගැන සිංහලෙන් කියල දෙන එකම වෙබ් අඩවිය.
No this is not the one and only sinhala photography web!
තව තියෙනව නම් මටත් කියන්න, මම දන්නෙ නැති නිසයි එහෙම කිව්වෙ, ම්ම හොයල බැලුවට මට එහෙම එකක් හම්බ උනේ නෑ.
ඇත්තමයි ගොඩාක් වටින වැඩක්.මන් සුබ පතනවා දිග ගමනකට….
දිගටම කරගෙන යන්නට දිරිය ලැබේවා !
ආටිකල් එක නම් නියමයි!
මැක්සා!
ඒත් මට පොඩි පුරස්නයක් තියනවා…
අර පහල ඉදන් ගන්න ශොට් එකට රෙප්ටයිල් අයි (reptile eye view) විව් එක කියලත් කියනව නේද?
මම නම් අහල නෑ ඒක, හැබැයි වෙන්න පුළුවන්, කොහොම කළත පහල ඉදන් බලන එකනෙ අදහස් වෙන්නෙ.
ඔන්න මම පොල් ගහකට කාමුක පෙනුමක් එකතු කළා.
http://www.facebook.com/photo.php?pid=3776464&l=338663f02d&id=685407931
වටින ලිපියක්..අපි දිගටම කියවනවා….
ස්තුතියි.
මේ ලිපි පෙළ ගොඩක් හොඳයි…. ඔහොම යන්….. ජය වේවා…!!!
[...] වටේ ගිහිල්ල වඩාත් නිර්මාණාත්මක/නොසිතෙන කෝණ භාවිතා කරන්න. මේ හැම එකෙන්ම [...]
හ්ම්..ඒක ඇත්ත. අලුත් නිර්මාණයක් කරන්න ඕනි නම් ඇස් මට්ටමේ ඉඳන් සාම්ප්‍රදායික ඡායාරූපයක් ගන්න උත්සාහ නොකර වෙනස් විදියකට ගත්තම ඒකට අමුතු අපූර්වත්වයක් එකතු වෙනවා. මේ ලෝකේ මිනිස්සු කවුරුත් පරණ දේම කර කර හිටියොත් අලුත් දෙයක් මේ ලෝකෙට බිහි වෙන්නේ නෑ. ඒක නිසා මම කියන්නේ සාම්ප්‍රදායික දේවල් වලට කොටු නොවී අලුත් දෙයක් කරන්න කියලා.
ගොඩක් වටින උපදෙස් තියනවා…
ඡායාරැප අපේ ගුගල් සමුහයට එකතු කරන්න.. සාමාජිකත්වය ලබා ගන්න.
http://groups.google.com/group/picslk