ප්‍රමුඛ රේඛා වලින් ඇස ඡායාරූපය තුළට ඇදල ගන්නව, ඔබට ඡායාරූපය තූළ බැලිය යුත්තේ මොනවද කොයි පිළිවෙලටද කියල ඒව කියල දෙනව.
ඒව ඇත්තටම රේඛා වෙන්නත් පුළුවන්, නැතිනම් රාමුව තුළ තිබෙන වස්තූන් මගින් ඇති වුනු රේඛා වෙනන්ත් පුලුවන්. (මිනිස්සු හදපු දේවල් නිසා හරි ස්වභාවික දේවල් නිසා හැදුනු) ඡායාරූපය තුළ පහළ සිට ඉහළට හෝ කෙළවරක සිට ඊට සම්මුඛ කෙළවරට මෙම රේඛා ගමන් කරන්න පුළුවන්. (ඇත්තෙන්ම කිව්වොත් ඒව ඡායාරූපයේ ප්‍රධාන වස්තුව අසලින් අවසන් වෙනව.)
ඡායාරූපයක් ගන්න රාමුවක් තෝර ගන්නකොට මුලින්ම බලන්න, වටපිටාව දිහා, ප්‍රමුඛ රේඛා විදිහට යොදාගන්න පුළුවන් දේවල් තියෙනවද කියල. මාර්ගයක්, වැටක්, දිගු සෙවණැල්ලක්, වගේ දෙයක්. මෙම රේඛාව පටන් ගන්න ඕනෙ රාමුවේ පහළින් (කෙළවරක හෝ මැදක සිට), ඒක ඊට පස්සෙ ඉහළටම ගිහින් තමා නතර වෙන්න ඕනෙ. (ප්‍රධාව වස්තුව අසලින් වගේ)
සරළ හා ඇල රේඛා තියුණු හා වේගවත්. වක්‍ර රේඛා සුමට හා එකමුතුයි. තිරස් රේඛා සාමකාමියි. සිරස් රේඛා ක්‍රියාකාරියි.
මේක බලන්නකෝ.
මෙහි පහළ තිබෙන අයිස් අතරින් ජලය මතුවෙලා තියෙන කොටස එක පාරටම ඇස ඇදල ගන්නව, ඊට පස්සෙ ඇස යනව ඒක දිගේ ඉහළට, ජලාශය තුළට, ඊට පස්සෙ කැඳු වැටියට.
හොඳම ප්‍රමුඛ රේඛා, පහළ වම්පස කෙළවරින් ඇරඹිලා අවසන් වන්නේ ඡායාරූපයේ ප්‍රධානම ලක්ෂයෙන්.






බොහෝම ස්තුතියි…!
මේකනම් හොද පාඩමක්
ප්‍රමුඛ රේඛා හැම තැනම තියෙනවද…?
තියෙන්න පුළුවන්. තමුන්ගෙ ඇහැට හොඳයි කියල හිතෙන, ඡායාරූපයට ගැළපෙන, එකක් තෝර ගන්න ඕනෙ.
ඇතැම් විට, බොහෝ විට පුළුවන්. ඒත් ඒක හැම ජායාරූපයටම ගැලපෙන්නේ නෑ.
වැටක් ඉඳලා පැන්සලක් වුණත් යොදා ගන්න පුළුවන්.
නියම ලෙසන් එක. ඔහොම යං
[...] ඇති කරන්න, ඇසට ගමන් කරන්න මාර්ගයක් (leading lines) සපයා දෙන්න, වගේ දේවල් ආලෝකය හරහා [...]