අපි හුඟක් වෙලාවට ෆොටෝ ප්‍රින්ට් කරල ඒකට රාමුවක් දාල ලස්සනට තියල තියනව. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? එම ඡායාරූපයට අවධානය ලබා ගැනීම. මීට අමතරව තවත් රාමු භාවිතා වෙන අවස්ථාවක් තියෙනව, ඒ තමා ඡායාරූපය ගන්නා අවස්ථාවේදී, ඡායාරූපය තුළ රාමු ගත කිරීම.

රාමු කිරීමෙන් කරන්නෙ, අවට වස්තූන්ගෙන් වෙන් කරල අපිට අවශ්‍ය දේ මතුකර පෙන්වීමයි.
රාමු කිරීමේ ප්‍රයෝජන:
- ඡායාරූපයට විස්තරයක් එකතු කිරීම. (උදා: ඔබ ඡායාරූපයක් ගන්නා විට ඒක පාලමකින්, ගොඩනැගිල්ලක කොටසකින් රාමු කළොත් ඒකෙන් ඒ ස්ථානය ගැන, එහි ගෘහනිර්මාණ ශිල්පය ගැන, වගේ දේවල් කියැවෙනව.)

- රූපයට ගැඹුරක් හා ස්ථර කිහිපයක් තිබෙන බවට හැඟීමක් ලබා දෙනව. (ඉදිරියේ තියෙන මොකකින් හරි ඈත තියෙන දෙයක් රාමු කළොත්, එතන ස්ථර දෙකක් ඇති වෙනව වගේම, අර වස්තුව තියෙන්නෙ ඈතින් කියන හැඟීමත් එනව. ඒක තවත් අමතර පරිමාණයක් ඡායාරූපයට එකතු කරනව.)

- ඇස රූපයේ ප්‍රධාන නාභිය ලක්ෂයට යොමු කරනව. (රාමුවෙන් රාමු කරන්නෙ අපිට වැඩිපුරම පෙන්නන්න ඕනෙ වස්තුව කිව්වනෙ, ඉතින් රාමුවෙන් අපේ ඇස ඒකට යොමු කරන අතරම, ඒකෙන් පිටට යන්න නොදී තියාගන්නව, බාධකයක් විදිහට ක්‍රියා කරමින්.)

- බලන්නාගේ ඇසට චමත්කාරජනක හැඟීමක් ඇති කරනව. (මේක නම් හුඟක් ඡායාරූප වල අඩු දෙයක්. ඡායාරූපයේ තියෙන දෙයට වඩා දෙයක් හිතන්න, බලන්නාව යොමු කරන්න පුළුවන් සාර්ථක රාමු කිරීමකින්.)

මේකට මොනවද යොදාගන්න පුළුවන්? ඡායාරූපයට නගන තැන පෙරතලයේ (foreground) තියෙන ඕනෙමදෙයක්, ගසක්, ගසක අත්තක්, වැටක්, කණුවක්, පාලමක්, ජනේලයක්, ඕනෙම දෙයක්.
හැබැයි ඒක ගැලපෙන විදිහට යොදා ගන්න ඕනෙ, නැත්තම් රාමුව මගින් ඡායරූපයේ ඔයාට පෙන්නන ඕනෙ දේ, මතුවෙලා පේන්නත් පුළුවන්, සමහරවිට ඒක සැඟවෙන්නත් පුළුවන්.






නියමයි..
උදාහරණ ඡායාරූප කිහිපයක් තිබුනනම් වඩාත් හොඳයි නේද..?
හරි, මම දාන්නම්. ස්තුතියි උපදෙසට.
ඔන්න හැදුව. බලන්නකො හොඳද කියල.
මාමාට හැකිද මේ බිලෝගයේ ලිපි ලියන්න? ඒක ලොකු හයියක් වගේම උදව්වක් වෙවි.
Good Post!
Good one ….
Thanks
ඉස්තරම් ! ටෙස් කරල බලල අපිත් පෙන්නන්නම්කො..