මේව ඉතින් ඇනලොග් වගේම ඩිජිටල් ඒවටත් පාවිච්චි කරනව. ඩිජිටල් කැමරා වලට මෙන්න මේ වගේ පෙරහන් වාසිදායක වෙනව.

Polarizing filters
ජලයෙන් හා වීදුරු මගින් සිදු වන අනවශ්‍ය පරාවර්තනයන් වළක්වනවා. contrast සහ color saturation වැඩි කිරීමටත් උපකාරී වෙනවා. මේව වඩාත්ම ගැළපෙන්නෙ භූ දර්ශන ඡායාරූප ගත කරද්දි තමයි. වෘත්තාකාර polarizing filter එකක් භාවිතා කරන්න මතක තියාගන්න.

Ultraviolet (UV) filters
මේක හුඟාක් වෙලාවට භාවිතා කරන්නෙ කැමරාවෙ තියෙන මිල අධික කාචය රැක ගන්න. නමුත් භූ දර්ශන ඡායාරූප ගත කරද්දි අපැහැදිලි රූප මෙමගින් පැහැදිලි කරගන්න පුළුවන්. ඒත් සමහර ඡායාරූප ශිල්පීන් නම් මෙම වර්ගයේ පෙරහන් ඩිජිටල් කැමරා හා භාවිතය අනුමත් කරන්නෙ නෑ.

Neutral density (ND) filters
මෙම්ගින් මුළු රූප රාමුවේම ආලෝක තීව්‍රතාවය අඩු කරනව. ඒ නිසා ඔබට පුළුවන් වෙනව අඩු ෂටර වේගයක් හා විශාල විවරයක් සහිතව ඡායාරූප ගන්න. මේක වඩාත් ප්‍රයෝජනවත්, ඔබට සෙලවෙන දෙයක් (දිය ඇල්ලක්, ගංගාවක් වගේ) බොඳ කරල අන්න ඕනෙ නම් හා හුඟක් ආලෝකමත් වස්තූන් ඡායාරූපයට ගැනීමේදී.

Graduated neutral density (GND) filters
මෙය ඔබට ප්‍රයෝජනවත් වේවි, වඩාත් පුළුල් ගතික ඡායාරූපයක් ගන්න, අඳුරු වගේම ආලෝකමත් ස්ථාන වක තියෙන දේවලුත් හසු කරගෙන. මේක හුඟාක් හොඳ වෙන්නෙ ආලෝකමත් අහසක් හා අඳුරු පොළවක් තිබෙන භූ දර්ශන ඡායාරූපයට ගැනීමේදී.

Infrared (IR) filters
අධෝරක්ත කිරණ පමණක් කැමරාව තුළට පෙරා ලබාදී අලංකාර රැස් විහිදෙන ඡායාරූප ලබා දෙන්නට මෙම පෙරහනට හැකියාව තිබෙනව. අඳුරු අහසක් සමඟින් දීප්තිමත් අතු කොළ ලබාදීම්ට මෙයට හැකියි.

Special effects filters
විවිධ අලංකාර නිර්මාණාත්මක දෙවල් කරන්න පුළුවන් පෙරහන් වර්ගයක්. එක එක පෙරහනට කළ හැකි විවිධ කාර්යයන් තිබෙනව. ඡායාරූපය්ට පරණ පෙනුමක් දෙන්න, පැල්ලම් ඇති කරන්න, තව ගොඩක් දේවල්…

  • තමන් පෙරහන් තෝරා ගන්නා විට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඒව තෝරා ගන්න වග බලාගත යුතුයි. තවත් වැදගත් කරුණක් තමයි, ඒව තමුන්ගෙ කැමරාවට ගැළපෙන, කැමරාවට සවි කළ හැකි ඒවා විය යුතුයි. සමහරවිට ඔබ මිලදී ගත් පෙරහන කැමරාවට සවි කිරීමට ඔබට add-on adapter එකකුත් ගන්න වෙයි.
  • Wide Angle Lense එකක් එක්ක polarizing filter එකක් භාවිතා කරන්න එපා.
  • ඩිජිටල් කැමරා වලට warming, cooling, and fluorescent conversion filters අමතක කරන්න පුළුවන්.

සමාන ලිපි

  • සමාන ලිපි නොමැත.

Leave a Reply

Get Sinhala
This site is in Sinhala Unicode Can't Read This site?
සාමාජිකයින් සඳහා
ඔබේ සහයෝගය
අනුග්‍රාහකයින්
Hosted by LKservers
Theme By HelaVikom
ඡායාරූප සමූහ
Flickr සමූහය සමඟ එක්වන්න.
Roosara @ Flickr
Who's Online

8 visitors online now
8 guests, 0 members

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger