මම මේක ගැනත් මීට ඉස්සෙල්ල ටිකක් කියල තියෙනව. Rule of Third කියන්නෙ ඡායාරූපයේ රාමුව කොටස් වලට වෙන් කරගන්නා ආකාරයක්. මෙහිදී රාමුව සමාන කොටස් 9කට වෙන් කරනව, පහත ඡායාරූපය වෙන් කරල තියෙනව වගේ.

ඔබ ඡායාරූපය ගන්නකොට ඔබට විශේෂයෙන්ම පෙන්නන්න ඕනෙ දේවල්, නාභිගත කරන වස්තු, මෙම රේඛා වල ඡේදන ලක්ෂ වල ස්ථානගත කරන්න. මොකද කිව්වොත්, එම ලක්ෂ තමයි බලන්නාගේ ඇස මුලින්ම යන ලක්ෂ.


පහත උදාහරණ සළකල බලන්නකෝ.
  • පසුබිම් දර්ශනයක් ඡායාරූප ගත කරනවනම්, ක්ෂිතිජය පහළ රේඛවට ගත්තොත් බලන්නාට, විශාල, ඉඩ කඩ ඇති හැඟීමක් දෙනව. ක්ෂිතිජය ඉහළ රේඛාවට ගත්තොත්, දැනෙන්නෙ සමීප කුළුපග, ආත්මීය හැඟීමක්.
  • පුද්ගල ඡායාරූපයක්ගන්නකොට පුද්ගලයාගේ ඇස් අර කිව්ව රේඛා ඡේදන ලක්ෂයකට එන විදිහට ඡායාරූපය ගන්න.
ඔබ පාවිච්චි කරන්නෙ Auto Focus කැමරාවක් නම් Focus Locking කියන එක දන්නවනෙ? එහිදී වෙන්නෙ ඔබ කැමරාවේ shoot බොත්තම් භාගයක් ඔබල තියාගෙන ඉන්නකොට focal point එකේ තියෙන වස්තුවට අදාළ දුරට කැමරාව නාභිගත වෙනව, ඔබ කැමරාව වෙනස් කළත් focal length එක වෙනස් වෙන්නෙ නෑ.
ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ, වස්තුව viewfinder එකේ මැදට අරගෙන ඒකට නාභිගත කරගෙන focus lock කරගෙන වස්තුව rule of third එකට අනුව, අර රේඛා වල ඡේදන ලක්ෂයකට එන විදිහට කැමරාව චලනය කරන එක. ඊට පස්සෙ එහෙම තියල ඡායාරූපය ගන්න.


සමාන ලිපි

Leave a Reply

Get Sinhala
This site is in Sinhala Unicode Can't Read This site?
සාමාජිකයින් සඳහා
ඔබේ සහයෝගය
අනුග්‍රාහකයින්
Hosted by LKservers
Theme By HelaVikom
ඡායාරූප සමූහ
Flickr සමූහය සමඟ එක්වන්න.
Roosara @ Flickr
Who's Online

5 visitors online now
5 guests, 0 members

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger