Archive for April, 2010
රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.
සමබරතාවය ඇති කරන්නෙ රාමුව තුළ තිබෙන වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න පුළුවන්, සහ ඡායාරූපය ලස්සන කරගන්න පුළුවන්.
මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.
හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් පේන්නෙ නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ, ඒක බලන්න මෙතනින් යන්න)
ඡායාරූප ශිල්පියා: Madhuranga Rathnayake
ඡායාරූපයේ මාතෘකාව: නිදහසේ…
කැමරාවේ වර්ගය: Sony DSC-W30
අනෙකුත් තොරතුරු: EXIF Data-
Camera Model – Sony DSC-W30
Flash – Not Used
Focal length – 14.3mm
Exposure time – 0.010s (1/100)
Aperture – f/4.5
ISO – 80
Exposure bias – 0.00
Metering Mode – Matrix
Exposure – Normal Program
මෙම ඡායාරූපය සම්බන්ධව ඔබගේ අදහස් බෙදා හදා ගන්න.







