හුඟක් අය ඡායාරූපයක් ගන්නකොට හිතන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුව කපන්නෙ නැතුව ඡායාරූපය ගන්න එක ගැන විතරයි. ඒත් එයාල කරන ලොකු වැරැද්දක් තියෙනව. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය වස්තූන් ගොඩාක් ඇතුළු කර ගැනීම. ඒකෙන් ඡායාරූපයේ නාභිගත කරල තියෙන වස්තුවට ලොකු පාඩුවක් වෙන අතරෙම නරඹන්නාව වල්මත් කරනු ලබනවා. නරඹන්නා අසීරුවට පත් කරනව.

ඒ නිසා ඡායාරූපයේ පසුබිම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව. අපිරිසිදු කමින් මොකුත්ම ලැබෙන්නෙ නෑ, ඡායාරූපය කැත වෙලා අපිළිවෙල වෙන එක විතරයි වෙන්නෙ.

reduce_bg_clutter.JPG

මේක නැති/අඩු කරගන්න ඔයාල කරන්න ඕනෙ මොනවද?

  • වස්තුව/පුද්ගලයා ආසන්නයට යන්න. සම්පූර්ණ රාමුව පුරවන්න වස්තුවෙන්/පුද්ගලයාගෙන්.
  • කැමරාව, ඔබ හෝ ඡායරූපයට ලක්වන ව්ස්තුව අවශ්‍ය පරිදි චලනය කරන්න.

    (සිරස්/තිරස් කෝණ භාවිතා කරන්න, ඔබේ කැමරාව චලනය විතරක් ප්‍රමාණවත් නොවෙන්න ඉඩ තියෙනව, වස්තුව/පුද්ගලයා වටේ ගිහිල්ල වඩාත් නිර්මාණාත්මක/නොසිතෙන කෝණ භාවිතා කරන්න. මේ හැම එකෙන්ම බලාපොරොත්තු වෙන්න ඕනෙ පසුබිමේ තියෙන අනවශ්‍ය වස්තූන් රාමුවෙන් ඉවත් කර ගැනීමයි. කණු, රැහැන්, වැටවල්, තද ආලෝක ප්‍රභව වගේ දේවල් පසුබිමේ තියාගන්න එපා.)

  • අතවශ්‍ය පසුබිම් වස්තූන් පමණක් තබා ගන්න.

    (ඔයාගෙ පසුබිමේ තියෙනව නම් ඡායාරූපය ලස්සන කරන දේවල්, ඔයාගෙ ප්‍රධාන වස්තුවට තවත් නිර්මාණාත්මක ගතියක් එකතු කරන දේවල්, ඒව එකතු කරගන්න. බලන්නකො ඉහළ තියෙන ඡායාරූපයත්. මේ කියන වස්තූන්, පුද්ගලයන්, පරිසරයේ තියෙන ස්වභාවික දේවල්, වෙන්න පුළුවන්.)

  • පසුබිමේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරන්නම බැරි නම්, බොඳ කරල දාන්න පුළුවන්ද බලන්න.

    (aperture එක ලොකු කරල එහෙම මේක ඔයාලට කරගන්න පුළුවන්, Depth of Field අඩු කරන එක තමා කරන්න ඕනෙ. ඒ ගැන තියෙන ලිපිය කියවන්න. සමහර කැමරා වල නම් එතරම් ලොකුවට DOF වෙනස් කරන්න බෑ. සමහර කැමරා වල කාචය හා සංවේදකය අතර තියෙන දුර හුඟක් අඩුයි, අන්න ඒවගේ ඒවයෙ DOF එක ගොඩක් වැඩියි. ඒවගෙ ඒවයෙ නම් පසුබිම බොඳ කරන්න අමාරුයි. නැත්තම් ඔයාලට පුළුවන්, Blue Filter එකක් දාලත් පසුබිම බොඳ කරල දාන්න.)

සමාන ලිපි

Leave a Reply

Get Sinhala
This site is in Sinhala Unicode Can't Read This site?
සාමාජිකයින් සඳහා
ඔබේ සහයෝගය
අනුග්‍රාහකයින්
Hosted by LKservers
Theme By HelaVikom
ඡායාරූප සමූහ
Flickr සමූහය සමඟ එක්වන්න.
Roosara @ Flickr
Who's Online

4 visitors online now
4 guests, 0 members

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger