හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.

වැඩි ප්‍රදේශයක් එකවර රාමුවට ලබා ගැනීමට wideangle lenses භාවිතා කරන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් පිළිවෙළින් ඡායාරූප කිහිපයක් අරගෙන එකට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. Panorama කියන්නෙ ඒකට තමා. Adobe Elements වල තිබෙන panorama feature එක භාවිත කරල ඒක කරන්න පුළුවන්, නැතිනම් සමහර කැමරා වලත් Panorama Mode එක තියෙනව.

පුළුවන් තරම් Depth Of Field එක වැඩි කරගන්න. කුඩා aperture එකක් හා වේගය ඉතාම අඩු shutter speed එකක් භාවිතා කරන්න. හුඟක් කැමරා වල තිබෙනව Landscape Mode එකක්. ඒක භාවිතා කරන්න, ඒක උපරිම DOF එකේ කැමරාව පවත්වා ගන්නවා.

ත්‍රිපාදකයක් භාවිතා කරන්න, ඒ හරහා තියුණුම ඡායාරූපය ගන්න ඔයාලට පුළුවන්.

ISO speed එක අඩු අගයක් පවත්වා ගන්න, ඒ හරහා noise එක ඉතාම අඩු ඡායාරූපයක් ලබාගන්න පුළුවන්.

Image1.jpg

ඡායාරූපයට, සතුන්, මිනිසුන් යොදා ගන්න පුළුවන් නම් ඒකත් හුඟක් හොඳයි. බලන්නකො ඉහත රූපය. ඒකෙන් ඡායාරූපයේ තිබෙන වස්තූන්ගේ ප්‍රමාණය ගැන හැඟීමක් වගේම, වෙනසක් ඇති කරන්න පුළුවන්.

ඔබ ජලය සහිත ඡායාරූපයක් ගන්නව නම් අනිවාර්යයෙන්ම ජලයෙන් ලැබෙන ප්‍රතිබිම්බය හරහා හුඟක් ලස්සන නිර්මාණයක් කරන්න ඔබට පුළුවන් වෙයි, උත්සාහ කරල බලන්න.

උදේ පාන්දර, හවස් වරුවේ, ඡායාරූප ගන්නකොට, ඒ අවස්ථාවන් වලදී පවතින ආලෝකය උණුසුම් නමුත් සෞම්‍යයි. වර්ණවත් අහසක්, ඉතාම ලස්සනක් එකතු කරනවා ඡායාරූපයකට. ඔබේ ඡායාරූපයට ලැබෙන අහස කිසිම ලස්සනක් නැති එකක් නම් polarizing filter එකක් භාවිතා කරල බලන්න. නැතිනම් පුළුවන් තරම් අහස අඩු කරගන්න, ක්ෂිතිජය රාමුවේ ඉහළටම අරගෙන.

Image2.jpg

සමාන ලිපි

One Response to “පරිසර දර්ශන ඡායාරූපයට නැගීම”

Leave a Reply

මා සමඟ එක් වන්න

RSS හරහා එක්වන්න ඊ ලිපි හරහා ලබාගන්න ඊ ලිපි හරහා ලබාගන්න
ප්‍රකාශන හිමිකම්
සැලකිය යුතුයි මෙහි පළවන සෑම ලිපියකම අයිතිය මෙම වෙබ් අඩවිය සතුය. මෙහි පළ වන ලිපි, වෙනත් ස්ථානයක පළ කරන්නේ නම් කරුණාකර, එම ලිපිවලට වෙනසක් සිදු නොකිරීමට වග බලාගන්නා අතරම මෙම අඩවියට සැබැඳියක් යෙදීමට කාරුණික වන්න.
Creative Commons License

Photography සිංහලෙන් by www.roosara.info is licensed under a Creative Commons Attribution-Noncommercial-No Derivative - Unported License.
Protected by Copyscape Online Infringement Detector
Roosara @ Flickr
www.flickr.com
This is a Flickr badge showing public items from the Roosara group pool. Make your own badge here.
ගණං හිලව්

lankablogger