Archive for the ‘කැමරාව භාවිතය’ Category
සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (f 1/30 හෝ ඊටත් වඩා දිගු). f/2.8 වගේ වත් පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාට වේගවත් නිරාවරණ වේගයක් ලබාගන්න ඕනෙ නම් ISO එක වැඩි කරන්න. නමුත් මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි, ISO වැඩි වෙනකොට ඡායාරූපයේ noise එක වැඩි වෙනව කියන එක.

හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.
වැඩි ප්‍රදේශයක් එකවර රාමුවට ලබා ගැනීමට wideangle lenses භාවිතා කරන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් පිළිවෙළින් ඡායාරූප කිහිපයක් අරගෙන එකට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. Panorama කියන්නෙ ඒකට තමා. Adobe Elements වල තිබෙන panorama feature එක භාවිත කරල ඒක කරන්න පුළුවන්, නැතිනම් සමහර කැමරා වලත් Panorama Mode එක තියෙනව.
ක්‍රීඩා කියන්නෙ ඉතා වේගවත් ක්‍රියාකාරකම් තියෙන අවස්ථා, ඉතින් ඒ වගේ වෙලාවල් වල ඡායාරූප ගන්නකොට හරියට අවශ්‍ය දේ ගන්න වේගවත් වෙන්න ඕනෙ.
ඔබට සැලැස්මක් තියෙන්න ඕනෙ. මුලින්ම තීරණය කරල ඉන්න ඔබට ගන්න ඕනෙ මොනවගේ අවස්ථාද කියල. අනිවාර්යයෙන්ම ඒ අදාල ක්‍රීඩාව ගැන දැනුමක් තියෙන්න ඕනෙ, ඔබට අවශ්‍ය ආකාරයේ ඡායාරූප ගන්න නම්.
පුළුවන් තරම් උත්සාහ කරන්න, ඡායාරූප ගන්න ඉතාම ගැළපෙන තැනින් කැමරාව තියාගන්න. ක්‍රීඩාවේ හැටියට එම ස්ථානය වෙනස් වෙන්න පුළුවන්, නමුත් ඉර ඔබට පිටුපසින් තබාගන්න.





