Posts Tagged ‘contrast’
බලන්නකො මේ ඡායාරූපය. ඔයාලත් ඡායාරූපයක් ගන්නකොට, වටපිටාවේ තියෙන වර්ණ, හිතල අල්ලන වර්ණ රටා ඡායාරූපයට එකතු කරගන්න අමතක කරන්න එපා. ඒකෙන් ඡායරූපයට තවත් වටිනාකමක් එකතු වේවි.
මතක තබා ගන්න, වර්ණ රටා හා හැඩතල, ඡායාරූපයේ ආලෝකය හා සෙවණැළි භාවිතය වැඩි දියුණු කරනවා. ඊටත් වඩා, කලු සුදු ඡායාරූප ගනිද්දි මේ හැඩතල වඩා වැදගත් වෙනවා.
Contrast කියන එක ආලෝකය වගේම වර්ණ ගැන කතා කරනකොටත් අදාළ දෙයක්. වර්ණ වල අසමානතා, ආලෝකය අඳුර, නිවැරදිව යොදා ගන්නව නම්, ඒ හරහා ඉතාම කලාත්මක නිර්මාණයක් කරන්න පුළුවන්. ආලෝකය හා අඳුර එකට එකතු කිරීම මගින් ඒ දෙක අතර ඉතාම හොඳ ඝට්ටනයක් ඇති කරල ඉතාම ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්.
මේකෙදි මතක තබා ගත යුතු ප්‍රධානම දෙය තමයි, ඔබ නාභිගත කළ ලක්ෂය තිබිය යුත්තේ අර ආලෝකමත් ප්‍රදේශය (high contrast area) තුළයි, මොකද කිව්වොත් ඒ ප්‍රදේශයටනෙ ඇස මුලින්ම යන්නෙ.
වර්ණ ඡායාරූප තුළදී ඔබට පුළුවන් ඔබේ රාමුව සැකසීම මගින් වගේම පරිසරයේ තිබෙන වර්ණ භාවිතා කරල, මේ කියන contrast එක ගන්න. රතු, කොළ, කහ, නිල්, තැඹිලි වගේ අඩුව පුරවන වර්ණ මෙහිදී භාවිතා කරන්න.





