Posts Tagged ‘ගැඹුර (DOF)’
හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.
වැඩි ප්‍රදේශයක් එකවර රාමුවට ලබා ගැනීමට wideangle lenses භාවිතා කරන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් පිළිවෙළින් ඡායාරූප කිහිපයක් අරගෙන එකට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. Panorama කියන්නෙ ඒකට තමා. Adobe Elements වල තිබෙන panorama feature එක භාවිත කරල ඒක කරන්න පුළුවන්, නැතිනම් සමහර කැමරා වලත් Panorama Mode එක තියෙනව.
හුඟක් අය ඡායාරූපයක් ගන්නකොට හිතන්නෙ, මිනිස්සුන්ගෙ ඔළුව කපන්නෙ නැතුව ඡායාරූපය ගන්න එක ගැන විතරයි. ඒත් එයාල කරන ලොකු වැරැද්දක් තියෙනව. ඒ තමයි ඡායාරූපයට අනවශ්‍ය වස්තූන් ගොඩාක් ඇතුළු කර ගැනීම. ඒකෙන් ඡායාරූපයේ නාභිගත කරල තියෙන වස්තුවට ලොකු පාඩුවක් වෙන අතරෙම නරඹන්නාව වල්මත් කරනු ලබනවා. නරඹන්නා අසීරුවට පත් කරනව.
ඒ නිසා ඡායාරූපයේ පසුබිම පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් සාධකයක් වෙනව. අපිරිසිදු කමින් මොකුත්ම ලැබෙන්නෙ නෑ, ඡායාරූපය කැත වෙලා අපිළිවෙල වෙන එක විතරයි වෙන්නෙ.

කතුවරයා: අරවින්ද චන්ද්‍රපද්ම

කලින් ලිපියෙදී අපි ඡායාරූපයක් ගන්න විට එහි ගැඹුර පාලනය කරන හැටි ගැන කිව්වා මතක ඇති. ඒක බැලුවේ නැත්නම් මේ ලිපිය කියවන්න කලින් ඒක කියවන්න. (http://roosara.info/2010/04/depth-of-field/ ) සාමාන්‍යයෙන් ඡායාරූප ශිල්පය ගැන කතා කරන විට ඒකට අනිවාර්යයෙන් ම පදනම් වෙන්නේ SLR කැමරාව. ඒත් බහුතරයක් වන විනෝදාංශයක් හැටියට, ආසාවට Photos ගන්න අය පාවිච්චි කරන්නේ Point-&-Shoot කැමරා (Compact Digital Camera). මේ අයට ඡායාරූප ශිල්පයේ සිද්ධාන්න අයිති නැත් ද ? අපි මෙතන කියන වැඩ කෑලි දාලා ලස්සනට ඡායාරූපයක් ගන්න SLR කැමරාවක්ම ඕනෙද.





