Posts Tagged ‘framing’
හරියටම හරියන විදිහට ඡායාරූපය compose කරගන්න එක තමා පරිසර/භූමි දර්ශන ඡායාරූපයට නගනකොට ඒක ඉහළම ඡායාරූපයක් කරගන්න අත්‍යවශ්‍යම දේ. හරියකට ඡායාරූපයක් compose කරගන්න හැටි මෙම අඩවියේ පරණ ලිපි වල තියෙනව, ඒවත් ටිකක් කියවල බලන්න. උදාහරණ විදිහට, නාභිය ලක්ෂය, rule of thirds, රාමු භාවිතය, ප්‍රමුඛ රේඛා, විවිධ කෝණ භාවිතය, වගේ දේවල් කියන්න පුළුවන්. ඊට අමතරව, පෙරබිම, පසුබිම පාලනය වගේ දේවලුත් වැදගත් වෙනවා.
වැඩි ප්‍රදේශයක් එකවර රාමුවට ලබා ගැනීමට wideangle lenses භාවිතා කරන්න පුළුවන්. එහෙම එකක් නැත්නම් පිළිවෙළින් ඡායාරූප කිහිපයක් අරගෙන එකට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. Panorama කියන්නෙ ඒකට තමා. Adobe Elements වල තිබෙන panorama feature එක භාවිත කරල ඒක කරන්න පුළුවන්, නැතිනම් සමහර කැමරා වලත් Panorama Mode එක තියෙනව.
ඔබ ඡායාරූපයට නගන වස්තුව, පුද්ගලයා, සත්වයා චලනය වෙන දෙයක්/කෙනෙක් නම්, එම වස්තුවට/පුද්ගලයාට/සත්වයාට ඡායාරූපයේ රාමුව තුළ චලනය වෙන්න ඉඩ තියෙන විදිහට ඡායාරූපය ගන්න.
ඒ කියන්නෙ, උදාහරණයක් විදිහට මේ පහත තියෙන ඡායාරූපය ගනිමු. මෙහි ඇති මෝටර් රථය මාර්ගය දිගේ ඉදිරියට දිවෙනව. අපි ඡායාරූපය ගන්නකොට එම වාහනයට පිටුපසින් නෙමෙයි, ඉදිරියෙන් ඉඩ තියන්න ඕනෙ, එතකොටයි ඒ ඡායාරූපයේ තිබෙන වස්තුව චලනය වෙනවා වගේ අපිට පේන්නෙ, ඒ හැඟීම එන්නෙ. එතකොටයි ඒ ඡායාරූපයට ජීවයක් ලැබෙන්නෙ. හැමෝම කැමති තමුන්ගෙ ඡායාරූපය තාත්වික වෙන්නනෙ, මේ කියන විදිහට ගත්තම ඒ ගතිය ඔයාලට ඔයාලගෙ ඡායාරූපයට ලබල දෙන්න පුළුවන්. (මේ කතාව සම්බන්ධ පරණ ලිපියකුත් තිබෙනව, ඒකත් කියවල බලන්න.)
රාමුව තුළ ඡායාරූපයේ සමබරතාවයක් තිබුනෙ නැත්තම් ඡායාරූපය එතරම් ඇසට ප්‍රියජනක වෙන්නෙ නෑ, ඒක නිසා සමබරතවය හරිම වැදගත්.
සමබරතාවය ඇති කරන්නෙ රාමුව තුළ තිබෙන වර්ණ වලින්, රාමුව තුළ තියෙන වස්තූන්ගෙන්, එහෙමත් නැත්තම් වර්ණ වල තද ලා බවෙන් වෙන්නත් පුළුවන්. ඒ ඒ වස්තූන්, වර්ණ හරි හැටි ස්ථානගත කිරීමෙන් ඔයාගෙ ඡායාරූපයේ සමබරතාවයක් ඇති කරගන්න පුළුවන්, සහ ඡායාරූපය ලස්සන කරගන්න පුළුවන්.
මේ කියන සමබරතාවය, සමමිතික (විධිමත් එකක්, ස්ථිතික එකක්) වෙන්නත් පුළුවන්, අසමමිතික (අවිධිමත් නැත්තම් ගතික) වෙන්නත් පුළුවන්.
හිතන්න, සමමිතික ඡායාරූපයක තියෙන දේවල් පේන්නෙ නැවතිලා තියෙනව වගේ, උදාහරණයක් ගත්තොත් හිතන්න බයිසිකලයක නැගල වේගෙන් යන පාපැදිකරුවෙක්. එයාව අපි රාමුවේ මැදට ගත්තොත් අපිට එකපාරටම හිතෙන්නෙ එයා නැවතිලා කියලයි. නමුත් හිතන්න ඒ පාපැදි කරුවම රාමුවේ පැත්තකට ගත්තොත්? බලන කෙනාට හැඟීමක් එනව එයා ගමන් කරනව කියල. (මතකද දැන්නෙ නෑ පරණ ලිපියක මේ ගැන කියල තිබ්බ, රුවල් බෝට්ටුවක උදාහරණයක් සමඟ, ඒක බලන්න මෙතනින් යන්න)





