Posts Tagged ‘hold a camera’
සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නකොට හුඟක් වෙලාවට අපි ඒක සෘජුව ගන්නව. නිර්මාණාත්මක දෙයක් ගොඩනඟන්න ඕනෙ උනාම පොඩ්ඩක් ඇල කරල එහෙමත් ඡායාරූප ගන්නව. නමුත් ඔයාල ක්ෂිතිජය සහිත ඡායාරූපයක් ගන්නව නම් මම යෝජනා කරන්නෙ අනිවාර්යයෙන්ම ඒක සෘජුව ගන්න කියල, ඒ කිව්වෙ ක්ෂිතිජය ඡායාරූපයේ රාමුවට (තිරස් පැත්තට) සමාන්තරව එන විදිහට ඡායාරූපය ගන්න. ඔයාට ඕනෙ නෑ නෙ රාමුව තුළ තියෙන දේවල් රාමුවේ එක පැත්තකින් එලියට වැටෙන්න දෙන්න?
සාමාන්‍යයෙන් බොහොමයක් ඩිජිටල් කැමරා වල තියෙනව ග්‍රිඩ් එකක් ලබා ගැනීමේ පහසුකම. මෙ වගේ වෙලාවකට ඒක පාවිච්චි කිරීමෙන් ඔයාලගෙ වැඩ ගොඩක් පහසු වෙයි.
සමහරු හිතන්න පුලුවන් මේක කිසිම ප්‍රයෝජනයක් නෑ කියල, ඒ උනාට මේකත් හුඟක් වැදගත් දෙයක්.ඔබට පුළුවන්ද කැමරාව ස්ථායීව දිගු වේලාවක් එකම ආකාරයට අල්ලාගෙන ඉන්න? ඔබ භාවිතා කරන්නෙ විශාල කාච පද්ධතියක් සහිත DSLR එකක් නම්? හරියට කැමරාව අල්ලගන්න බැරුව ඔබ ගත්තු ඡායාරූප කීයක් බොඳ වෙලා තියෙනවද?අන්න ඒ හින්දයි, ඔබ කැමරාවක් ගත්තම ඒක නිවැරදිව අල්ලාගන්නා ආකාරය ඉගෙන ගත යුත්තේ. කැමරාවේ නිවැරදි ග්‍රහණය තමයි , තියුණු ඡායාරූපයක පාදම වෙන්නෙ. කැමරාව අල්ලා ගන්නා ආකාරය කැමරාව අනුව වෙනස් වෙනව.
මූලික සිට ගැනීමේ ඉරියව්වබලන්න මේ ඉරියව්ව දිහා, මේක තමයි, DSLR/ASLR එකක් අල්ල ගන්න මූලික ඉරියව්ව.
Read the rest of this entry »





